(අංජුල මහික වීරරත්න)
වාර්ෂිකව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිලිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැති උත්සව අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහි දී රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 12 වන සභාපතිවරයා සහ 2025 වර්ෂය සදහා නව සභාපතිනිය ලෙස රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ආශා ද අල්විස් මහත්මිය පත් වූ අතර, හිටපු සභාපති රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධම්මික සෙනෙවිරත්න මහතා විසින් සභාපති විශේෂ පළදනාව නව සභාපතිනියට පැළැඳීම ද සිදු විය.