(නිමල කොඩිතුවක්කු)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇන හිට ඇති බවද එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉකුත් 07 වැනිදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකක්ද 08 වැනිදා එක් යන්ත්‍රයක්ද බිඳවැටී ඇති අතර මේ දක්වා ඒවා යාවත්කාලීන කර නොමැති බවද ඔහු කීවේය.