අභ්‍යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා


ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින් පෘථිවි කක්ෂයේය. මාරුවෙන් මාරුවට ගගනගාමීන් මෙහි ගොස් රැඳී සිටින්නේ විවිධාකාරයේ පර්යේෂණ සිදු කරමින් සහ නැවැතුම්පොළේ නඩත්තු කටයුතු සිදු කරමිණි.

2022 දී නාසා ගගනගාමී රූබියෝ දින 371 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. එම කාලයේ ඔහු නැවැතුම්පොළේ පර්යේෂණාගාරයක, පස් භාවිතයට නොගනිමින් තක්කාලි වගාවක් ආරම්භ කළේය. පස් නොමැතිව බෝග වගා කිරීමේ ක්‍රමවේදය හැඳින්වෙන්නේ එක්ස් රූට්ස් යනුවෙනි.

අභ්‍යවකාශයේ පළමු තක්කාලි වගාව ලෙස ද රූබියෝගේ මෙම තක්කාලි වගාව සැලකෙයි. තක්කාලි ගසේ ගෙඩි හටගත් අවස්ථාවේදී, අභ්‍යවකාශයේ හටගත් පළමු තක්කාලි ගෙඩි ලෙස ඒවාට ලොකු ප්‍රසිද්ධියක් ද හිමිවිය.

එදා ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් නෙලාගත් රූබියෝ, ඒවා ප්ලාස්ටික් මල්ලකට දමා සීල් කර, තවත් කටයුත්තක නියැලී ආපසු පැමිණෙද්දී, පර්යේෂණාගාරයෙන් එම තක්කාලි ගෙඩි අතුරුදන් වී තිබුණි.

ශුන්‍ය ගුරුත්වය හේතුවෙන් ඒවා පාවී පර්යේෂණාගාරයේ බඩු මුට්ටු අතරේ සැඟවෙන්න ඇතැයි සිතා රූබියෝ දින ගණනක් ඒවා සොයන්න විය. ඒත් හමුවූයේ නැත.

කෙසේ නමුත් රූබියෝට චෝදනා එල්ල වන්න වූයේ තක්කාලි ගෙඩි දෙක ඔහු කෑමට ගන්න ඇතැයි කියාය. රූබියෝ තරයේ එය ප්‍රතික්ෂේප කරන්න විය. රූබියෝ යළි පෘථිවිය පැමිණියේ ද චෝදනාවට ලක් වී සිත් තැවුලෙනි.

ප්ලාස්ටික් මල්ල තුළ වියලුණ් තක්කාලි ගෙඩි දෙක වසරකට පසු පසුගිය දිනෙක මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන්ට හමුවී තිබුණි. නාසා ආයතනය ඒ බව දැනුම් දුන්නේ, රූබියෝගේ නිර්දෝෂීභාවය ඔප්පු කරමිණි.

ස්තුතිය - නාසා ආයතනයට