(ගයාන් සූරියආරච්චි)
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමාජය සුවපත් කිරීමේ අත්හල නොහැකි විශාල වගකීමක් සහ යුතුකමක් අපේ සංඝ සමාජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට බෞද්ධාගම ප්‍රචලිත කිරීම, එහි උන්නතිය සහ පොදු මහජනතාවගේ සුව පැවැත්ම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසූවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ මහොත්සවයේදීය.
එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)