අම්පාර උක් ගොවියෝ පාරට බසිති


(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)

හිගුරාන සීනී සමාගම රජයට පවරා නොගන්නැයි ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය සහ උක්ගොවියෝ හිගුරාන නගරයේ උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

හිගුරාන සීනි ආයතනය  සුරුකීමේ සංඝ සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

මහා සංඝරත්නය පෙරටුගෙන හිගුරාන නගරයට පැමිනි ජනතාව පැය දෙකක පමණ කාලයක් විරෝධතා  නිරතවූහ.

මෙම විරෝධතා ව්‍යාපාරය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායක හිමිවරුන් ඇතුලුව උක් ගොවියන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයෝ සහාභාගි වූහ.

රජයට සියයට පනස් එකක කොටස් ඇති මෙම සමාගම අද වෙනවිට ලාභ ලබමින් සිටින අවදියක අමාත්‍යවරයකු මෙම ආයතනය රජයට පවරා ගැනිමට උත්සහ දරණ බව මහා සංඝරත්නය චෝදනා   කළේය.