අම්පාර මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්


(වසන්ත චන්ද්‍රපාල)

සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාපයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් අද (21) අම්පාර මහ රෝහලේදී පැවැත්විණි.

සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත අම්පාර කලාප අණදෙන නිලධාරී කමාන්ඩර් සුනිල් ශාන්ත මහතාගේ මෙහයවිමෙන් මෙම ලේ දන්දිමේ කඳවුර පවත්වනු ලැබීය.

සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 60 දෙනෙක් පමණ ලේ පරිත්‍යාග කළ අතර ඉදිරි දිනවලදී කොරෝනා වයිරසය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ  වැඩ සටහනක්ද සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.