අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති


(වසන්ත චන්ද්‍රපාල)
 
ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති.
 
බුද්ධංගල අභයභූමියේ සිට එන වන අලි වලතාපිටිය වැවට පැමිණ පැයක පමණ කාලයක් දිය නෑමෙන් පසු ආහාර සොයා අස්වනු නෙළන ලද කුඹුරු වෙත යති.