අම්බලන්තොට අලුත් වී ප්‍රභේදය අස්වැන්නෙන් කප් ගහයි


(අංජුල මහික වීරරත්න)

අම්බන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දුන් AT 378 නව වී ප්‍රභේදය ඉහලම අස්වැන්න වාර්තා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය  පවසයි.

 අම්බලන්තොට වී පර්යේෂණායතනය  වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබීය.

වී වගාවට ඉහළ විභවයක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ AT 378 වී ප්‍ර‌භේදය වගා කළ ගොවීන් විශාල පිරිසක් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 12 සිට 14ක් දක්වා අස්වැන්නක් වාර්තා කළ බව  එම ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම වී වර්ගය මගින් අක්කරයකට බුසල් 180ක් වශයෙන් හෙක්ටයාර් එකකට වි බුසල් 450ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව අම්බන්තොට වී පර්යේෂණ ආයතනය පවසයි.