(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල කඩවර ප්ර දේශයේ නිවසකට අද (31) අලුයම් කාලයේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කොග්ගල්ල කඩවර පදිංචි අයෙකි. නිවස පිටුපස වැසිකිළිය ආසන්නයෙදී වෙඩි පහර එල්ල කර ඇත.
කොග්ගල් කඩවර ප්ර දේශයේ ගව පාලනය කරන කරන පුද්ගලයින් දෙපිරිසක් ඇති ආරවුලක් මත මෙම වැඩිතැබිමද සිදුකර ඇති බව පොලීසිය කියයි.