අමානා බැංකුවේ පාරිභෝගික තැන්පතුවල මුළු වටිනාකම 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළදී රු. බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එම බැංකුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු අතරින් කෙටිම කාලයක් තුළ එම සීමාව පසු කළ බැංකු අතරට පත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.
2022 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ පාරිභෝගික තැන්පතුවල වටිනාකම රු. බිලියන 105.7 ක් වූ අතර, මෙය 2021 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 96.2 ට සාපේක්ෂව සියයට 10ක පමණ වර්ධනයකි. එමෙන්ම 2021 වසරේදී Global Banking & Finance Review විසින් අමානා බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක්කරන ලද අතර, The Asian Banker විසින් අමානා බැංකුව පොලී රහිත බැංකුකරණ ආකෘතියට අනුගතව මෙහෙයුම් සිදුකරන ලොව ශක්තිමත්ම බැංකු 50 අතරට ද නම් කරන ලදි.
“මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට මේ වනවිට විශාල පිළිගැනීමක් හිමි වී ඇති බව මෙමගින් තහවුරු වෙනවා. එමෙන්ම ලාභ බෙදාගැනීමේ පදනම යටතේ බැංකුව මගින් ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීම මීට තවත් හේතුවක්. දිගින් දිගටම මේ ආකාරයට අප කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන්ට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.
-සටහන- චමින්ද මුණසිංහ