අය වැයෙන් රැකියා 30,000


(ප්‍රසන්න පත්මසිරි)

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන් ගන්නා තීන්දු තීරණවලදි අපි ඔබව ආරක්ෂා කරනවා අනීතික ලෙස ජනතාවගෙන්ද  දඩ ගන්නා නිළධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා යැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා පැවසීය,

ජනතාවගෙන් තොරතුරු ලැබෙනවා, යම් කෙනෙක් ජනතා සේවය විධිමත්ව කරන්නේ නැතිනම් එයාට එරෙහිව කටයුතු කරනවා 

අපි රජය වශයෙන් මේ රට ගොඩගන්න මුලිකයව වැඩ සටහන් තුනකට දැනට අවතීර්ණය වෙලා තියෙනවා,ග්‍රාමිය දුප්පත්කම තුරන් කිරීමට වැඩ සටහන් කරනවා,රාජ්‍ය සේවාව ඩිජිටල් කරනය කරන්නත් කටයුතු කරනවා,එ වගේම ක්ළින් ශ්‍රී ලංකා වැඩ සටහනත් කරගෙන යනවා මේ තුනම වැදගත් බව කිව යුතුයි,1818දි ඌව පළාත දැවැන්ත ලෙස විනාශයට පත්වුනා, එහි ප්‍රතිඵළ අදටත් ඌවේ ජනතාව භුත්ති විදිනවා,වෙල්ලක්ෂයක් තිබුන පළාතේ ජනතාවගෙන් සියයට 36ක් අදටත් අස්වැසුමලාභින් වෙලා කවුද මේ අයට වග කියන්නේ වසර 77ක් තුළ ඇයි අපිට බැරිවුනේ සහනාධාර මත යැපෙන ජනතාව නැතිකරන්න,අපි ග්‍රාමිය දරිද්‍රතාවය තුරන් කරන්න කටයුතු කරගෙන යනවා,ඒ යටතේ පාරවල්,වාරි කර්මාන්තය,සත්ව නිෂ්පාදනය දියුණු කළ යුතුයි,ඒ සදහා දැනුම තාක්ෂණය දිය යුතුයි,

ඌව පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා ඒ යටතේ ඔිනතරමි රැකියා අවස්ථා තියෙනවා රජයක් විධියට අපි සංචාරක කර්මාන්තය ප්‍රමුකකොට සළකනවා,

ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි 11 දින පැවති 2025 වර්ෂයේදි ඌවේ සිදු කීරීමට අපේක්ෂා කරන සංවර්ධන වැඩ සටහන් පිළිබදව ඌවේ පළාත් පාලන ආයතන වල නිළධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමේදි ඇමතිවරයා එසේ පැවසීය,