(බණ්ඩාර ජයරත්න )
අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංවි මාර්ග සඳහන් කරයි.
හදිසියේ රෝගිවිම හේතුවෙන් රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන සිසුවියන් 12 ක් හා එක් සිසුවකු බවද සඳහන්ය.
සෑම සිකුරාදා දිනකම සිසුන් ගේ මව්පියන් විසින් නිවාස වලින් පිලියෙල කරගෙන එන පෝෂ්‍යදායි ආහරවේලක් ලබාදෙන අතර, අද දිනයේ කඩල ලබාදි ඇතිබවත් ඉන් පසු සිසුන් 13 දෙනකුට එක් වරම බඩ රිදීම වමනය යෑම නිසා රෝහල් ගත කර ඇතිබවද පැවසීය.
අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා
Recommended Articles