(අංජුල මහික වීරරත්න)
බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉහත සාකච්ඡාවේදී ප්‍රශ්න විමසීම සඳහා තමාට නොදන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.
අල් ජසීරා සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේදී තමා පෙනී සිටියේ රට වෙනුවෙන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අද (6) සවස ප්‍රචාරය කරන ලද අල් ජසීරා මාධ්‍ය හමුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අල් ජසීරා මධ්‍ය නාලිකාව මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව අද දින විකාශය කරනු ලැබුවා.ලංකාවේ සම්මුඛ සාකච්ඡා වල සජීවීව පටිගත කොට හොඳ මෙන්ම නරක සියල්ලම විකාශය කරනු ලබනවා.නමුත් මා සමග අල්ජසීරා මාධ්‍ය ආයතනය පැය දෙකක පමණ සම්මුඛ සාකච්ඡාවක් කොට විකාශය කොට ඇත්තේ පැයක පමණ කොටසක්.
එහි ඇතැම් හොඳ අදහස් දැක්වීම් පළ කර නැහැ.ඒ සියල්ල විකාශය කළා නම් මීට වඩා පරිපූර්ණ අදහසක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
අම්බිකා සත්‍යනාදන් මැතිනිය අදාල සම්මුඛ සාකච්ඡාවට එන බව කිව්වත් ඇය ආවේ නැහැ.අන්තිමට ආවේ වෙනත් රාස රත්නම් නම් කාන්තාවක්.ඒ බව මට කලින් කියා තිබුණේ නැහැ.ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ට උපදෙස් දුන් පුද්ගලයෙක්.ඒ කාරණාව වැරදි නම් මදුරා රාසරත්නම් මැතිනියට එය නිවැරදි කරන්න පුළුවන්.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු දෙන්නෙක් අදාළ සම්මුඛ සාකච්ඡාවට යොමු කර තිබුණා. පැන්සිස් හැරිසන් එහි හිටියා.
යුද්ධයේදී හතලිස් දාහක් මැරුණා යැයි කියන කතාව බොරුවක් බවට මා පැවසුවා. එවැනි තවත් කරුණු ගණනාවක් තිබුණා.මා ඒවා මෙතන කියන්න යන්නේ නැහැ.
ලංකාවේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බවත් අප දන්නා ප්‍රධාන ආගමික නායකයා මල්වතු මහනාහිමියන් බවත් මා ප්‍රකාශ කළා.
අනෙක් සියලු පූජකතුමන්ලා එනම් කාදිනල් තුමා හෝ බිෂොප් තුමන්ලා ඉන් පසුව බව මා ප්‍රකාශ කළා. නමුත් එය විකාශය කර නැහැ.
කිසිදු අවස්ථාවක බලයේ නොසිටි බව කියමින් මා ප්‍රශ්න මඟ හැරියේ නැහැ. මගෙන් වැඩිපුරම ඇසුවේ රාජපක්ෂලා ගැනයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.