(රෝෂන් තුෂාර)
පැමිණිල්ලක් විභාග කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් තිස් දහසක අල්ලසක් ලබාගත්තේ යැයි කියන ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) නියෝග කළාය.
ගල්නෑව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
පැමිණිලිකරුගේ කොල මඩින යන්ත්‍රයක් ( සුනාමි යන්ත්‍රයක්) සොරකම් කර ඇති බවට පැමිණිලි කිරීම සදහා ගල්නෑව පොලිසියට පැමිණි අවස්ථාවේදී,එම යන්ත්‍රය පැමිණිලිකරුගේ පුතා විසින් සොරකම් කර ඇති බවට හෙළි වීමෙන් පසුව එම පැමිණිල්ල සටහන් නොකර යන්ත්‍රය මිලදි ගන්නා ලද පුද්ගලයා හට මේ සදහා මුදල් ලබා දිමට එකග වි, නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින්න් පැවසීය.
එලෙස නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටිම සදහ පැමිණිකිකරුගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනී නීතිඥවරයා සඳහන් කර සිටියේ පැමිණිලිකරුවට එරෙහිව විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් උරන වී පොලිස් නිලධාරියාව අල්ලස් සිද්ධියට පටලවා ඇති බවය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.