අලි නිවුන් සහෝදරයෝ මුල් වරට දිය කෙළියට යති


(චමින්ද වැවතැන්න)

පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

පින්නවල අලි අනාථාගාරයේ දී ඉකුත් අගෝස්තු 31 දා පෙරවරුවේ නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනකු බිහි කළාය.

මෙම පිරිමි අලි පැටව් දෙදෙනා මීට මසකට පමණ ඉහතදී දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹීමට යොමු කෙරිණ.

දැනට මාස හතරක් වයසැති අලි පැටව් දෙදෙනා සිය මව වන සුරංගි සමග  පින්නවල අලි අනාථාගාරයේ සිට මීටර් 300 ක් පමණ ඈතින් පිහිටි මා ඔයට ඉතා ආරක්ෂාකාරීව රැගෙන ගොස් දිය නෑමට යොමු කරන අයුරු දක්නට ලැබුණි.