(දයාරත්න ඇඹෝගම)
රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනුරාධපුර නගරයේ මහජන ක්‍රිඩාංගනයේ ඊයේ(16)දින පැවති ජන හමුවකදි සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසිය.
“අලි මිනිස් ගැටුමට විසදුමක් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා. කරන්ට් වැට සාර්ථක කරන්නට පරිසරවේදියෙක් හැටියට මටත් අවබෝධයක් තිබෙනවා. ප්‍රඡා කේන්ද්‍රිය වනජිවි සංරක්ෂණයට යොමු වෙලා වන සම්පත් හිසරදයක් නොව, මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා.
මොරගහකන්දෙන් ඒරුවල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුනේ නැති සුළු, මධ්‍ය, වාරි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා.අනිවාර්යෙන්ම වාරි පුනරුත්ථාපන වැඩසටහනකට අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් ඇතුළු වාරි සංස්කෘතියම පුනරුත්ථාපනය කරනවා.
වාරි කර්මාන්තය අපි ගොඩනගනවා. පොස්පේට් නිධිය අපේ රටේ අයිතිය තියා ගෙන නව තාක්ෂණය උපයෝගි කර ගෙන ඒක දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්රතිලාභ ලබා දෙන දැවැන්ත සම්පතක් විදිහට අපි ඒක දියුණු කරනවා.”
“ ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉගුරු වගාවේ යෙදි සිටින ගොවියා අද අනාථවෙලා. බඩඉරිගු පිටරටින් ගෙන්වන යුගය නතර කරලා බඩ ඉගිරැවලින් රට ස්වයන්පෝෂිත කිරිමේ වැඩ සටහන අනුරාධපුරය ඇතුළු සියලු දිස්ත්‍රික්ක හරහා අපි ක්‍රියාත්මක කරනවා. දැන් අනුර දිසානායක ඩීල් දාලා තියෙන්නේ. පුදුම මනුස්සයෙක් එක්ක. අනුර ඩිල් දාලා තියෙන්නේ බඩඉරිගු අස්වැන්න හරියට නෙලනකොට පිටරටින් බඩඉරිගු ගෙන්වන රනිල් වික්‍රමසිංහ එක්ක. ඕක රනිල් වික්‍රමසිංහ ඔය අපරාධය ඌව බදුල්ල අර්ථාපල් ගොවියාටත් කලා. දඹුල්ලේ ලුණු ගොවියාටත් කරනවා.”
“ ඒ ගොල්ලන්ට හැගිමක් නැහැ. ඒ ගොල්ලන්ට ඔනේ මාව පරද්දන්න. හැබැයි මම එකක් කියන්නම් මේ රටේ ඡනතාව තින්දු කරලා ඉවරයි ලක්ෂ 220 සලකන පොදු ඡන යුගයකට හයිය ලබා දෙන්න. ඒ තින්දුව අරන් ඉවරයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ 22 හිම ඡාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ගොඩ නගලා යෞවන, යෞවනියන්ගේ අධ්‍යාපන, රුකියා අයිතිය තහවුරු කරලා විශේෂයෙන්ම දැණුම කේන්ද්‍රිය ආර්ථිකය අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩනගන්නට කැප වෙනවා.”
“ ඒවගේම මේ දිස්ත්‍රික්කයේ තිබෙන පාසැල් 562 ම ස්මාර්ට් පාසැල් බවට දියුණු කරනවා. මේ දිස්ත්‍රික්කයේ තිබෙන හැම රෝහලක්ම ස්මාට් රෝහලක් බවට පත් කරනවා.ගොවි ඡනතාව වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය අපි පන්දාහට ලබා දෙනවා. වගා ණය කපා හරිනවා. ගොවියාට. ධිවරයාට, ත්‍රිරෝධ රථ හිමියාට, පාසැල් බස් රථ සේවයේ සිටින අයට ශක්ති සහල් මෝල් හිමියන්ට, ඉන්ධන සහනාධාරය ලබා දෙනවා.
අපි ඒක ලබා දෙන්නේ කිව්.ආර්. කෝඩ් ක්‍රමයට. සැබවින්ම දෙන්නේ ගොවියන්ට, ධිවරයන්ට, ත්‍රිවිල් හිමියන්ට , පාසැල් බස් රථ සේවාව, කුඩා මධ්‍ය පරිමාන මෝල් හිමියන්ට පමණයි. ඒකයි කිව්. ආර්. කෝඩ් එකක් යොදවන්නේ.”
“මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා. මොරගහ කන්දෙන් ඒරුවල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි මේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුනේ නැති සුළු, මධ්‍ය, වාරි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා පමණක් නොවෙයි අනිවාර්යෙන්ම වාර් පුනරුත්ථාපන වැඩසටහනකට අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් ඇතුළු වාරි සංස්කෘතියම පුනරුත්ථාපනය කරනවා. වාර් කර්මාන්තය අපි ගොඩනගනවා.”
“ පොස්පේට් නිධිය අපේ රටේ අයිතිය තියා ගෙන නව තාක්ෂණය උපයෝගි කර ගෙන ඒක දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්රතිලාභ ලබා දෙන දැවැන්ත සම්පතක් විදිහට අපි ඒක දියුණු කරනවා.”
“ අනුරාධපුර තිබෙන ජනාධිපති මන්දිරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ඡාත්‍යන්තර තත්ත්වයෙන් තොරතුරු තාක්ෂණය, නව තාක්ෂණය, ඒ වගේම පරිඝනක විද්‍යාව, ඉංග්‍රිසි භාෂා විද්‍යාව, තාක්ෂණික දැනුම, ලබා දෙන දැනුමේ කේන්ද්‍ර‍්ථානයක් බවට පරිවර්ථනය කරනවා.ඡනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට මන්දිර ඔනේ නැහැ. මන්දිර හදන්න ඕනි අපේ රටේ පොදු ඡනතාවට.”
“ඒ වගේම මිහින්තලා පුදබිම ප්රමුඛ අටමස්ථානය, සොලොස්මස්ථානය ඇතළු අපේ රටේ ආගමික සිද්ධස්ථාන වලට මේ රඡය කරන හතුරුකම් ටික වහාම නතර කරනවා. සම්බුද්ධ ශාසනය සුරකිමින් ඒ වගේම රටේ තිබෙන සෙසු ආගම් ස්ලාමිය, හින්දු, ක්රිස්තිවානි කතෝලික ඇතුළු ඒ සියලුම ආගම්, සියලුම ඡන ප්රඡාවන්ට නිදහස් නිවහල් ජිවිතයක් ගත කිරිමේ අවස්ථාව ඒ සියලුම දෙනාට ලබා දෙමින් අලුත් රඡරට පුරවරයක් බිහි කරන්න අපි අත්වැල් බැද ගමු.”
“ ජනාධිපතිවරණයේදි 21 වැනිදා දිනලා 22 වැඩ බාර ගන්නකොට අපි ඔය ඔක්කොම වහනවා.” හොර බාර් පර්මිට් හොර වයින් ස්ටෝර්ස් පර්මිට් දේශපාලන වාසි තකා ලබා දුන්නු සංතෝෂම් ටික සියල්ල නිත්‍යානුකූලව ඉවත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි පැවසිය