අලියාට කන්න දෙන්න ගිහින් රෝහලේ නවතී


(රංජිත් රාජපක්ෂ)

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය  තරුණයකුට අලියා  පහර දීමෙන්  තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

හින්දු කෝවිලේ පෙරහර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ  එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.