අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි


(ඩයනා උදයංගනී)

මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන් ලබාදීමේ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව දක්නට ලැබේ.

විවාපත් නව යුවළට මධුසමයට පිටත්වයාම සඳහා බව පවසමින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් විසින් තිලිණ ලෙස ඉන්ධන අඩංගු කෑන් ලබාදුන් විවාහ උත්සව කිහිපයකම ඡායාරූප මේ දිනවල මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඇතැම් මිතුරු මිතුරියන් විවාපත් නව යුවළට තිළිණ ලෙස ඩීසල් කෑන් සමඟ කිරිපිටි යනුවෙන් ලේබල් ඇලවූ පාර්සල් ද ලබා දී තිබිණි.

මේ දිනවල ලබාගැනීම ඉතා දුෂ්කර මෙවැනි දෑ විවාහ උත්සවයේදී තිළිණ ලෙස ලබාදීම වටිනා බවට එම ඡායාරූපයන්ට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර තිබිණි.