අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය


(ධම්මික ගුණවර්ධන)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා "ලංකාදීපයට" පැවසීය.

මේ අතර ඒ නිමිතිකොට එහි අධ්‍යායන හා අනධ්‍යයන සේවක මඩුල්ල සඳහා උදෑසන තේ පැන් සංග්‍රහයක් පවත්වමින් විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා,පසුගිය අමිහිරි මතකයන් අමතකකර ඉඳිරි අධ්‍යායන හා පර්යේෂණ තුළින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලොව ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යට දායකවන ලෙසට ඉල්ලීමක්ද කළේය.