අවුරුදු කටේ දින තුනක් පාර්ලිමේන්තුව රැස් වෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාර්ලිමේන්තුව අප්‍රේල්  8, 9 සහ 10 යන දිනවල රැස්වීමට  තීරණය වී තිබේ.

අප්‍රේල් 8 වැනි අගහරුවාදා  පෙ.ව 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  

පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  අනතුරුව ‍ප.ව 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. 

ඉන්පසු පෙ.ව  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව 10.00 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව  11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. 

 අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙයි.