අස්වැසුම මුදල් බැංකුවට දාන දිනය කියයි


(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැබූ අස්වැසුම් ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944 කට රූපියල් බිලියන 2.9 ක්ද අප්‍රේල් මස 11 වන දින බැංකුගත කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අප්‍රේල් මස 11 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.

2025 අප්‍රේල් මස සිට අයවැය මඟින් රජය විසින් මෙතෙක් වැඩිහිටියන් සඳහා ලබාදෙන ලද රු. 3000 ක වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා වැඩි කරන ලද අතර ඒ  දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා 2025 අප්‍රේල් මස සිටම ගෙවීමට කටයුතු කර ඇතැයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.