(දයාරත්න ඇඹෝගම)
ගොවීන්ගේ වි මිලදි ගැනිම සදහා වි අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘත කොට දින දහයකට අධික කාලයක් ගතවුවත් අනුරාධපුර දිස්ත්රික්කයේ කිසිදු ගොවියෙක් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර දිස්ත්රික්කයේ පිහිටි ප්රධානතම ගබඩා වන අනුරාධපුර නගරයේ පිහිටි සේනානායක ගබඩාව,නොච්චියාගම ගබඩාව හා කැකිරව යන ප්රදේශවල පිහිටි ගබඩා ගොවින්ගේ වී මිලදි ගැනිම සදහා මිට දින දහයකට පමණ පෙර විවෘත කොට තිබේ.
එහෙත් අනුරාධපුර දිස්ත්රික්කයේ කිසිදු ගොවියෙක් තම වී අස්වැන්න අලෙවි කිරිම සදහා මෙම ගබඩාවලට රැගෙන නොපැමිණි බව මේ පිලිබදව කල විමසුමේදි වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්රාදේශිය කළමණාකරැ නිමල් තෙන්නකෝන් මහතා අද(02)දින පැවසිය.
ගොවින් විසින් කල් තබා වි අලෙවි කිරිමත්,රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට පුද්ගලික වෙලදුන් ගොවින් ගෙන් වි මිලදි ගැනිම මිට හේතුවි ඇති බවද නිමල් තෙන්නකෝන් මහතා පවසයි.