(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පරසන්ගස්වැව පොලිස් වසමේ පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.සේනාරත්න(41)නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා රෝහලේ සිවුවැනි මහලෙන් ඇද වැටි තුවාල ලැබිමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එකළොස් වැනි වාට්ටුවට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි. මියගිය පුද්ගලයාට ඔහුගේ 43 හැවිරිදි වැඩිමහල් සොයුරා විසින් මවට නොසලකන බවට චෝදනා කරමින් පසුගිය 23 දින පහරදි ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පැවසිය.
එම පහර කැමෙන් පසුව මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ වැඩි මහල් සොයුරා පරසන්ගස්වැව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.