අ’පුරේ ‘පරවා කාවඩි’ පෙරහරක්



(දයාරත්න ඇඹෝගම)
 
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය, සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ට ආශිර්වාද කිරීමේ ‘පරවා කාවඩි’පෙරහරක් අද(27) අනුරාධපුරයෙන් ආරම්භ කෙරිණි.
 
මෙම කාවඩි පෙරහර තලාව, කැකිරාව පාරේ පදිංචි ඩී. චමින්ද කුමාර මහතා විසින් සංවිධානය කරන ලදී.
 
අනුරාධපුර කදිරේෂන් කෝවිලෙන් ආරම්භ වූ මෙම පෙරහර දහියාගම හන්දිය, තලාව හරහා කලාඔය දක්වා ගොස් කලාඔය දේවාලයේදී පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විය.