ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිට තුන්ඩු ක්‍රමයෙන් පාලනය කරනවා


(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයන් කැරළි කළ කාලයේ කැළේ සිට තුන්ඩුවෙන් කළ දේ වර්තමානයේ පාර්ල්මේන්තුවට ගොස් කරන බවත් එදා තුන්ඩු එවපු කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 ක් සමඟ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තුන්ඩුවෙන් දුන් පණිවුඩය පාර්ලිමේන්තුව තුළ කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (10) පැවසීය.

‘රැවටුනා ඇති බොරුවට තිත’ යන තේමාව යටතේ මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එසේ පැවසීය.

එම සංවිධානය මරපු පුද්ගලයාගේ දේහය කරේ තියාගෙන යෑම තහනම් කිරීමටත් එම කණ්ඩායම තුන්ඩුවක් යැවූ බවත් අත්දැකීම් නැති, වෛරය සහ ක්‍රෝධය හිතේ තියන පුද්ගලයන්ට බලය දුන්විට රටකට අත්වන ඉරණම මැතිවරණයට පෙර ජනතාවට පැහැදිළි කළ බවත් දිසානායක මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ පොදුජන එක්සත් පෙරමුණ හෝ නොව සෑම පැත්තකින්ම එල්ල වන පීඩනයත් සමඟ ‘රැවටුණා ඇති කියන’ කරුණ මේ වන විට මෙරට සමස්ත ජනතාව තුළින්ම එළියට එමින් ඇති බවත් ඉන්ධනහල්හිමියන්ට යම් සාධාරණ ගැටලුවක් තිබේ නම් එය සාකච්ඡා කිරීමේ හෝ අවස්ථාවක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවේ ආකල්පය පැහැදිළි වන බවත් ඒ මහතා කීය.