ආදිවාසීහු ප්‍රනීත මී පැනිවලින් බුදුන් පුදති


මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ප්‍රනීත වූ මි පැණි පූජාව අද පෙරවරුවේ සිදු කරන ලදී .

තිස් දෙදෙනකුගෙන් සමන්විත ආදී වාසීන් පිරිසක්  ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මෙම මීපැණි පූජාව සිදුකරන ලද අතර ආදිවාසි නායක වන්නිලැ ඇත්තන් මෙම මීපැණි පූජාව මෙවර සිදු කරනු ලැබූයේ 26 වැනි වතාවටය.

ඉතිහාසයේ පටන් ඒ ඒ යුගයන්වල සිටි ආදිවාසී නායකයෝ මෙම පූජාව මහත් භක්තියකින් යුතුව ඉටු කළහ.

(ෂේන් සෙනෙවිරත්න)