ආදිවාසීහු සාම්ප්‍රදායික මී පැණි පූජාවට එති


 

(චමිල් රූපසිංහ)
දළඳා සමිඳුන් උදෙසාආදිවාසින් විසින් සාම්ප්‍රදායිකව පවත්වන මි පැණි පූජාව සඳහා මේ වන විට නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු නොවුනත් දිනෙන් දින වන පරිසර විනාසය නිසා ඉදිරියේදි දළඳා සමිදුන් උදෙසා පවත් වන මි පැණි පුජාව සඳහා නොයිදුල් මි පැණි සොයා ගැනිම අපහසු වන බව ශ්‍රී ලංකාවේ ආදි වාසි  නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් පැවැසීය.

 
ආදි වාසින් විසින් ශ්‍රි දළදා සමිදුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැනි පූඡාව මෙවරත් මහත් බැතියෙන් සිදුකිරිම සදහා අද (30) ආදි වාසි නායක තුමා සහ එතුමාගේ බිරිද වන හීන්මැණිකා මෑනිල ඇත්තන් ඇතුලු 12 දෙනෙකුගෙන් සමන්විත ආදි වාසින් පැමින ශ්‍රි දළදා වහන්සේ සදහා සාම්ප්‍රදායික මි පැනි පූඡාව 22 වන වරටත් පැවැත්විය.
 
මෙම සාම්ප්‍රදායික මී පැණි පූජාව සදහා ආදි වාසින් විශාල පිරිසක නොපැමිණියේ කොරෝනා උවදුර හේතුවෙන් බවද එතුමා එහිදි කිය.
 
මේ වන විට ඉවක් බවක් නොමැතිව කරනු ලබන වන විනාසය නිසා මී මැස්සන් වඳ වි යෑම හේතුවෙන් ඉදිරියේදි මි පැනි හිඟ තාවයක් ඇතිවන බවත් මි මැස්සන් වද වි යෑම මිනිස් සංහතියේම වදවී යෑමක් බවද ඹහු පැවැසු අතර මේ දිනවල පවතින  කොරෝනා වැනි  රෝග තත්වයන් ඇති විමට හේතුවද පරිසර විනාසය බවද  ශ්‍රී ලංකාවේ ආදි වාසි  නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන් එහිදි අවධාරණය කළේය.
 
ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් බවත් මෙවර 22 වන වරට දළඳා වහන්සේ උදෙසා මී පැණි පූජාව පැවැත්වු බවද ආදි වාසි නායකයා පැවැසිය.
 
ඉන් අනතුරුව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ආදි වාසින් සදහා ත්‍යග පිරිනැමික් සිදු කළේය .