ආනයනික කිරිපිටි මිල ඉහළට


(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)

ආනයනික කිරිපිටි මිල ලබන අප්‍රේල් මස 1 වනිදා සිට සියයට 4.7 කින් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සමූහයේ ප්‍රධානියෙක් ‘ලංකාදිප’යට පැවසීය.

එම ඉහළ දැමීමත් සමඟ  ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යන බවත් ඒ අනුව රුපියල් 1050 ක්ව පැවැති ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ යන බවත් එම ප්‍රධානියා සඳහන් කළේය.

කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2745කි.

නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා වෙළෙඳපොලේ කිරිපිටි මිල පසුගිය වසරක පමණ කාලයක සිට සියයට 15 - 25 අතර ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය බවත් එම මිල ඉහළ යෑම අඛණ්ඩව පැවතීම නිසා එසේ මිල ඉහළ දැමීමට පියවර ගත් බවත් එම ප්‍රධානියා වැඩි දුරටත් කීය.