ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි


(අංජුල මහික වීරරත්න)

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.

යෝජිත ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය වනු ඇති බවට විශ්වාසය පළ කරන බවද මහ කොමසාරිස්වරයා කීය.

ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම සහ දැනට ක්‍රියාත්මක  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහාය ලබා දෙන බවට ද මහකොමසාරිස්වරයා සහතික විය.