ආරක්ෂිතව කෑම බීම නිවසට


(නිමන්ති රණසිංහ)

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළදුන් තම ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන වෙළඳුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක 0112236919 ට වහාම දැනුම් දෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

සංචාරක සීමා පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් නියෝජනය කරමින් ජංගම වෙළඳුන් 8895 දෙනකු ලියාපදිංචි කර අවශ්‍ය බලපත්‍ර නිකුත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජීවත්වන ජනතාව තමන්ගේ ප්‍රදේශයට ජංගම වෙළඳුන් නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන ජංගම වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුකූලව ක්‍රියාත්මක නොවන්නේ නම් වහාම එම අංකයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ඒ ආකාරයෙන් ජනතාවගෙන් පැමිණි ලද හොත් නිකුත් කරන ලද බලපත්‍ර අහෝසි කර ඒවා වෙනත් වෙළඳුන් සඳහා ලබාදීමට ද කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)