ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි


(යොහාන් භාසුර)

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නාවික හමුදාධිපති විසින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹ තබා එහිදී උපහාර පිරිනැමූහ.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා විසින් මෙම රණවිරු අනුස්මරණ වැඩසටහන සංවිධානය කරන ලදි.