ආර්. ප්‍රේමදාස පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි


(ගයාන් අමරසේකර)
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජාතික  පෙරමුණේ ජනාධිපති  අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පියා වන දිවංගත, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
 
2020 ජනාධිපතිවරණය සඳහා  නාමයෝජනා බාරදීමට ප්‍රථම ඒ මහතා ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට උපහාර දැක්වීමට එහි පැමිණ සිටියේය.
 
ඒ මහතාගේ මව වන හේමා ප්‍රේමදාස, සොයුරිය දුලාංජලී ප්‍රේමදාස සහ බිරිඳ ජලනි ප්‍රේමදාස යන මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.