කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි.
දේශීය බුද්ධි පර්යේෂණ ආයතනයක් වන මෙම පදනම දක්වන පරිදි ආර්ථීක පුනර්ජීවන බලකාය පත් කිරීමේ දී දේශපාලන පසුබිම පැත්තකින් තැබීම ඉතාම වැදගත්ය. මෙම බලකාය අත්දැකීම් සහිත විශිෂ්ට පුද්ගලයන් ගෙන් සමන්විත විය යුතුයැයි ද පාත්ෆයින්ඩර් පදනම වැඩිදුරටත් යෝජනා කර තිබේ.
ආර්ථීකයේ ඉල්ලූම හා සැපයුම යන න්‍යාය බරපතල සේ පාලනය වී ඇත. ඉල්ලූම ගැන සලකන විට ආයෝජනය, නිෂ්පාදනය හා වෙළඳාම අඩුවනු ඇත.
රැකී රක්ෂා ප්‍රමාණය සහ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් කපා දමන්නට සිදුවිය හැකිය. සංචාරක හා විනෝදාත්මක අවස්ථා වියවුලකට පත් වී තිබේ. ව්‍යාපාර අවලංගු කිරීම්, කොටස් වෙළඳාම හා ධනෝපානය අවස්ථා පහත වැටීම අපේක්ෂා කළ හැකිය.
සැපයුම් අංශයට බලවත් පීඩනයක් එල්ලවිය හැකි අතරම ඇතැම් කම්හල් හා ව්‍යාපාර වැසෙනු ඇත. ගෝලීය හා කලාපීය සැපයුම් චක්‍ර අර්බුදයකට පත්වන අතර ගුවන් හා මුහුදු ප්‍රවාහන අංශ නැවත යථා තත්ත්වයට පත්වන්නට සෑහෙන කාලයක් ගත විය හැකිය.
“කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සහ විශේෂයෙන් ආර්ථීක වර්ධනය සමග ඇති වූ ලෝකයේ ඕනෑම තැනකට සේවා සපයමින් යැපෙන නිදහස් වෘත්තිකයන් ඉතාම දුෂ්කර තැනෙකට පත්වනු ඇත. මේවා සුළු පටු කාරණා නොවේ. ඕනෑම ජන සමාජයක් බිංදුවට වට්ටන්නට මේවා හේතුවිය හැකි බව තේරුම් ගත යුතුය“ යයි පාත්ෆයින්ඩර් පදනම පෙන්වා දෙයි.
තමන් අසල දැවටෙන දක්ෂයන්ට වඩා පිරිසක් ආණ්ඩුවේ රාමුවට එපිටින් සිටින අතර ඔවුහු දේශපාලන අරමුණු සහිත විවිධ ව්‍යුහ වලට එකතුවීමට කැමැති නැත. එම පිරිස සමීප කර නොගැනීම මෙන්ම රටට අත්‍යවශ්‍යම අවස්ථාවක සේවය වෙනුවෙන් පෙනී නොසිටීම ද සෑහෙන අවාසියකි.
පටු අරමුණු පැත්තකට කරමින්, කොවිඩ් -19 වසංගතය හා ලෝක තත්ත්වය හමුවේ මතුවිය හැකි ආර්ථීක ගැටළු කෙරෙහි කෙටිකාලීන, මධ්‍ය හා දීර්ඝ කාලීනව සලකා බලා සාවධාන ක්‍රියාත්මක විය හැකි මධ්‍යස්ථ පිරිසකගේ සේවය රටට උවමනා කර තිබේ.
එබැවින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට මෙම පුනර්ජීවන බලකායට සම්පූර්ණ නිදහස තිබිය යුතු අතර යම් අවස්ථාවක දී ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ද පුළුල් අවකාශයක් නිර්මාණය කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදනයේ දක්වයි.
- 355