(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
මේ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය ඊයේ(09)වැනි දින සිට 15 දින දක්වා උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර තිබෙන අතර දිවා කාලයේ දී ඇල්ල සිට බදුල්ල අතර මගීන් සඳහා බස් රථ යොඳා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තුමෙන්තුව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව මෙම සිනමා පටය රෑගත කිරීම් සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ඒන්.ජේ ඉදිපොළගේ මහතා පැවසීය.
ආරුක්කු නවය පාලම මත දුම්රිය තුළ ඊයේ(09)වැනි දින සිදුකළ පටිගත කිරීම් සඳහා ඉන්දියාවේ නළු නිළියක් රැසක් සහභාගි විය.