( තිළිණි ද සිල්වා)
2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත‍්‍ර වී ඇත.
”ට‍්‍රැවල් ලෙමින් ඩොට් කොම් ’’ වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප‍්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොක්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් මෙලෙස ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය වශයෙන් තේරී පත්වී තිබේ.
මීට අමතරව යුරෝපා මහද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙස සර්බියාව ද , උතුරු අමෙරිකා මහද්වීපයෙන් මෙක්සිකෝව ද , අප‍්‍රිකා මහද්වීපයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස මලාවි රාජ්‍යය ද තේරී පත් වී ඇත.
සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම, වනාන්තර සහ දර්ශනීය වෙරළ තීරය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකිවන බව ‘‘ ට‍්‍රැවල් ලෙමින් ඩෙට් කොම්” වෙබ් අඩවිය සඳහන් කරයි.
එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබූ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ දී දැක ගැනීමට හැකිවන බව, එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.
2019 වසරේ සංචාරය කිරීමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප 6ක් යොදා ගෙන මෙම ඡන්ද විමසීම පැවැත්විණි. මීට පෙර ද ලෝක ප‍්‍රකට ”ලෝන්ලි ප්ලැනට්” සඟරාව ලෝකය සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද හඳුන්වා දෙනු ලැබීය.
ආසියාවේ හොඳම නැගී එන ගමනාන්තය ශ්‍රී ලංකාව
Recommended Articles