ආහාර සොයා ගිය වන අලියා වගා ළිඳේ



(සිතුම් චතුරංග)
         
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පණික්කකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු අද(23) සොයාගත් බව මුලතිව් වනජීවි කාර්යාලය පැවසීය.
         
වයස අවුරුදු  10ක් පමණ වන මෙම  අලියා, රංචුව සමග රාත්‍රි කාලයේ ආහාර සොයා ගමන් කිරීමේදී වගා ළිඳට වැටී ඇත.
           
මෙම අලින්  වගා හානි කරමින් නිරන්තරයෙන් ගම්මානය අවට සැරිසරන බව ඔඩ්ඩුසුඩාන් පණික්කකුලම් ප්‍රදේශවාසීහු කීහ.
 
බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් නිරුපද්‍රිතව අලියා වගා ළිදෙන් ගොඩගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව මුලතිව් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.