ඇතාගේ දළ කැඩූ ටිපර් රියැදුරා රිමාන්ඩ්


(උපාලි ආනන්ද)
හබරන මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ  ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු  හප්පා  ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය.

අනතුරින් පසුව පලා ගිය රියැදුරා  අත් අඩංගුවට ගෙන අධිකරණය  හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් බාරයට පත් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය.

ටිපර් රථයේ ගැටුණු ඇතාගේ එක් දළක් කැඩී ගොස් බිම වැටී තිබූ බවත්  මෙම ගැටීම බරපතල ලෙස සිදුව ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.

ඡායා උපුල් හේරත්