ඇදිරිනීතියෙන් ගම්පහ පාලුවට යයි


(තිලකරත්න දිසානායක)

කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය  දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය.


ජනතාව ඇදිරි නීතියට අවනත වෙමින් නිවෙස් වලට වී කාලය ගත කළද ඊයේ රාත්‍රියේ ඇදිරි නීතිය කඩකරමින් මහ මග ගමන්ගත් 25 දෙනෙකු සහ මෝටර් රථයක් ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 14 මගින් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.