ඇඳිරිය මැද්දෙන් කොළඹට ඇදෙන සේවක සේවිකාවෝ


 


(ඉෂාන් සංජීව )

 
කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පැවැතිය ද ආයතන ඇරඹීමට රජය ගත් තීරණයත් සමඟ අද (11) පෙරවරුවේ සැලකිය යුතු පිරිසක් කොළඹ නගරය වෙත පැමිණෙන අයුරු දැක ගත හැකි විය.

පෙරවරු කාලයේ දී කාලයේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත දුම්රිය තුනක් පමණ පැමිණි අතර බස් රථ සේවා කිහිපයක් ද ක්‍රියාත්මක විය.

කොළඹ නගරයේ වෙළෙඳසල් බොහොමයක් වසා දමා තිබුණ ද අතරින්පතර වෙළඳ සැල් කිහිපයක් විවෘත කර තිබූ අයුරු දැකගත හැකි විය. 

මගීන් අතර පරතරය රැක ගනිමින් දුම්රිය සහ බස්රථ සේවා ක්‍රියාත්මක වූ ආකාරයද දක්නට ලැබිණි.