ඇමතිවරු ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට යති


සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා ඇමතිවරු පිරිසක් අද (21)  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණයහ.
 
විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
එම අවස්ථාවේදී ‘නොකළ වැරදි චෝදනා පත්‍රයට ඇතුළත්කර ඒවා අධිකරණයේදී ඔප්පු කර තමන්වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බව ඥානසාර හිමි අමාත්‍යවරුන්ට පෙන්වා දී තිබේ.
 
අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා සහ තමන් වහන්සේ අතර ඇතිවූ කතා බහ ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන බවත් එය නරඹා සත්‍ය තේරුම්ගත හැකි බවත් ඥානසාර හිමි  වැඩිදුරටත් පවසා ඇත.

(ඡායාරූප - ශාන්ත රත්නායක)