ඇමැති එස්.බී සංවිධායක ධූරයේ වැඩ අරඹයි


ළහිරු හර්ෂණ
 

නව රජයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්වූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා සංවිධායක ධූරයේ වැඩ බාරගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (9)  සිදු කෙරිණි.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය සභා නායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් සී. කුරුප්පු මහතා, එස්.බී. දිසානායක මහතාගේ බිරිඳ තමරා දිසානායක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථවට එක්ව සිටියහ.