ඇමෙරිකන් තීරු බදු ගැටලුවට රජය ඉක්මණින් මැදිහත් වෙන්න


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා අපනයනවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති සියයට 44 ක ඉහළ තීරු බද්ද පිළිබඳ අර්බුදය විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය රජයේ ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඇමෙරිකානු එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවා ඇති බවත් මෙය ඇමෙරිකානු එක්සත් ජනපදය බදු පනවා ඇති රටවල් අතරින් රටකට පනවා ඇති ඉහළම බදු ප්‍රතිශතය අතරින් එකකි.

මෙය මෙරටේ අපනයන තරගකාරිත්වය, රැකියා නියුක්තිය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් නිර්මාණය කර අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන අපනයන අංශ කිහිපයක් මත රඳා පවතින ඇඟලුම් සහ රෙදිපිළි, තේ සහ කෘෂිකාර්මික නිෂ්පාදන, රබර් ආශ්‍රිත භාණ්ඩ සහ නැව්ගත කිරීමේ සහ ප්‍රවාහන සේවා යන සියලු අංශවලට එම තීරු බදුවල බලපෑම දැණෙන බවත් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය කියයි.

බදු නිදහස් නොකළ ඕනෑම නිෂ්පාදන අපනයනයක් ඇමෙරිකානු එක්සත් ජනපද වෙළඳපොලේ අළෙවි කිරීම ශ්‍රී ලංකාවට දුෂ්කර වී ඇති බව කියන එම මණ්ඩලය මෙය ඇඟලුම්වලට වඩා අපනයන විවිධාංගීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මන්දගාමී කළ හැකි කර්මාන්තවලට සැළකිය යුතු අභියෝගයක් බව ද සදඟන් කරයි.

මෙම තීරු බදු හේතුවෙන් ව්‍යාපාරවලට අනාගතයේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව එම මණ්ඩලයේ බොහෝ සාමාජිකයින් කනස්සල්ල පළකරන බවත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියෝජනය කරන ප්‍රමුඛතම මණ්ඩලය ලෙස මේ සඳහා ගතහැකි විසඳුම් ගවේෂණය කිරීම සඳහා රජය අදාළ බලධාරීන් සහ කොටස්කරුවන් සමඟ සම්බන්ධ වනුඇතැයි විශ්වාස කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

දේශීය කර්මාන්ත අංශයට මෙම අභියෝගය ජය ගැනීමට උපකාර කිරීමේදී කාර්මික වර්ධනයට සහ තිරසාරභාවයට සහාය වන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමේදී රජයේ නායකත්වය මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය බව කියන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය රජයේ උත්සාහයන්ට සහාය වීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අවශ්‍ය ඕනෑම සහායක් හෝ උපදෙසක් දීමට ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සූදානම් බව ද වැඩි දුරටත් සඳහන් කරයි.