බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තුර්කියේ අන්කාරා නුවර බලා පැමිණියේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා, තුර්කියට පැමිණීමට පෙර, ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ද ගොස් සාකච්ඡා පැවැත්වීය. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙනි.
බ්ලින්කන් ඇමෙරිකාවේ ස්ථාවර අවධාරණය කරමින් කියා සිටියේ, මානුෂීය සටන් විරාමයකට ඇමෙරිකාව සූදානමින් සිටියත්, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ගෙන යන සටන සාධාරණ බවය.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් සිටිති. එම පිරිස අතරේ ඇමෙරිකානුවන් ද බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරනතුරු සටන් ආරම්භ නොවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේය.