ඇමෙරිකන් සුනඛයන් බ්‍රිතාන්‍යයේ තහනම්


‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි.

බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ ප්‍රහාරයට ලක්වුණු කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි.

ඒ අනුව, මෙම 2023 වසර අවසානයේ, සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පැහැදිලි කර ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කළ පිරිස් ද සිටිති.