ඇමෙරිකානු තානාපතිනී වජිරාරාමයට


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී  ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණියාය.

එහිදී  ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට තානාපතිනී  ජුලී චන්ග් මහත්මිය අමතක නොකළාය.

එහිදී ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ තමන් දැනුවත් කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. 

මහා සංඝරත්නය දේශනා කළ පිරිත් දේශනයට සවන් දුන් තානාපතිනිය පිරිත් දේශනය අවසානයේ පිරිත් නූලක් ද ගැට ගසා ගත්තාය.