(යොහාන් භාසුර)
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 44 ක නව අපනයන බද්දක් පැනවීමෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට බරපතල අවාසියක් වන බවත් ආණ්ඩුව ඒ සඳහා කමිටුවක් පත් කිරීම පමණක් කර ඇති බවත් පොදුජන එක්සත් පෙරමුනේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (3) පැවසීය.
මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එසේ පැවසීය.
මෙම බද්දත් සමඟ මෙරට සමස්ත අපනයන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට පත්වන බවත් ආණ්ඩුව කළ යුත්තේ කමිටුවක් කිරීම නොව හිටපු නායකයන් සමඟ එකතුව පොදුවැඩ පිළිවෙලක් ලෙස බද්ද පිළිබඳව සළකා බලන ලෙස ඇමෙරිකාවෙනු ඉල්ලීමක් කිරීම බවත් සදඟන් කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම බදු පිළිබඳව මැතිවරණයට පෙරත් පසුවත් ප්‍රකාශ කළ බවත් ආණ්ඩුව බද්ද ගැන දැනුවත් වුවද වගක් නොමැතිව සිටි බවත් ඔහු පැවසීය.
මෙරට අපනයන කොටසක් සැළකිය යුතු ප්‍රමාණයක් ඇමෙරිකාවට යවන බව කී ඒ මහතා එම කොටස හරහා විශාල වෙළඳ වාසියක් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව මෙවැනි ගැටලුවලදී වගකිවයුතු ස්ථාවරයක් ගතයුතු බව කී ඒ මහතා ඉන්දියානු අගමැතිවරයා මේ අවස්ථාවේ රටට පැමිණීම වැඳගත් බවත් ඉන් ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකාවට වාසි සළසන ලෙස බලකළ හැකි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම යන්ත්‍ර උපකරණ ඉන්දියාවෙන් ආනයන කරන බවත් ඉන්දියාවට නව ආයෝජනවලට ඉඩදීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ඔහු කීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර වෙළඳ ගිවිසුම් පිළිඳව ආණ්ඩුව මීට වඩා අවදානය යොමුකළ යුතු බව කී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇමරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති බද්ද පිළිබඳව දැඩි අවදානය යොමුකළ යුතු බවද සඳහන් කළේය.