‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය පියවර ගෙන ඇත.
‘රේසිස්ම්’ (racism) යන වචනයේ අරුත වන්නේ විවිධ වර්ණවලට අයත් ජනතාව පීඩාවට පත් කිරීම එම ජනතාවට හිරිහැර කිරීම යන්න යි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංග්‍රීසී-සිංහල ශබ්දකෝෂයක් වන ‘මලලසේකර’ ශබ්දකෝෂය ‘රේසිස්ම්’ (racism) යන වචනයට දී ඇති අරුත වන්නේ ‘වර්ගවාදය’ යන්නයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා හි ඩ්‍රේක් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන කෙනඩි මිචම් ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය මුද්‍රණය කරන ‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම අමතා ‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත යාවත්කාලීන කරන්නැයි පවසා ඇත.
‘මේරියම් වෙබ්ස්ටර්’ සමාගම 1847 වසරේ සිට ශබ්දකෝෂ ප්‍රකාශයට පත් කරයි.
‘‘මම ඔවුන්ට කීවේ මෙච්චරයි. මිනිස්සු කණ්ඩායමක් ක්‍රමානුකූලව පීඩාවට පත්වෙනවා. ඒක නිකං මං මනුස්සයෙක්ට කැමැති නෑ නෙමෙයි. ක්‍රමානුකූලව මිනිස්සු කණ්ඩායමක් පීඩාවට පත්කරනවා කියන අදහස එන්න ඕනෑ’’ යැයි සී.බී.ස් පුවත්සේවයට අදහස් දක්වමින් කෙනඩි මිචම් කීවාය.
මිචම්ගේ ඉල්ලීමට අනුව රේසිස්ම්’ (racism) යන වදනේ අරුත යාවත්කාලීන කරන බව ඉන් පසුව ‘මේරියම් වෙබ්ස්ටර්’හි කර්තෘ මණ්ඩල කළමනාකරු වන පීටර් සොකොලොව්ස්කි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබිණි.
අල්ජසීරා
055