ඇමෙරිකාවේ ‘‘ඩග්ලස් මුන්රෝ‘‘ නාවික හමුදාවට බාර දෙයි


(ඉන්දිකා රාමනායක)

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා වන “ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රි ලංකාව නාවික හමුදාවට නිළ වශයෙන් බාර දුන්නේය.

“ඩග්ලස් මුන්රෝ නෞකාව බාරදීම ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ “සියැට්ල්” වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂරක කඳවුරේදී සිදු කෙරුණි.

මේ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න මහතා සහභාගී විය.

සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා “සමුදුර” පි 621, සහ “ගජබාහු: පි 626 යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම “ඩග්ලස් මුන්රෝ” නෞකාව ලබා දීම හැන්වෙන බව නාවික හමුදාව කියයි.