ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දීම අරඹයි


(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද  උදේ 6.00 සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමද අද උදේ 6.00 ට ආරම්භ කෙරුණු ආරම්භ කෙරුණු අතර එම වැඩසටහන එහි පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාව එම කටයුතු මෙහෙයවයි.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එකම ස්ථානයක පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන මෙරට පළමු අවස්ථාව මෙයයි.

මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදීද ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද උදේ සිට ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

මේ එන්නත් ලබාදීම අද සිට සතියක් පුරා සිදු කෙරේ.

ඒ හේතුවෙන් එන්නත කලබලයක් නොවී ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන ස්ථාන පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන.

මොරටුව රෝහල,අතුරුගිරිය රෝහල,නවගමුව රෝහල,පිළියන්දල රෝහල,අවිස්සාවේල්ල රෝහල,හෝමාගම රෝහල,කොස්ගම (සාලාව) රෝහල,තලංගම රෝහල,පාදුක්ක රෝහල,අංගොඩ රෝහල,මුල්ලේරියාව රෝහල,කළුබෝවිල රෝහල.බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,යුද හමුදා රෝහල නාරාහේන්පිට,වේරහැර හමුදා කඳවුර,පනාගොඩ බෝධිරාජාරාමය,කොළඹ මහනගර සභා සීමාව,බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය,සුගතදාස ක්‍රීඩාංගණය

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන.

වතුපිටිවල රෝහල, බියගම රෝහල,දිවුලපිටිය රෝහල,දොම්පේ රෝහල සහ රදාවාන රෝහල,ගම්පහ රෝහල,ජාඇළ රෝහල,මීගමුව රෝහල,කිරිබත්ගොඩ රෝහල,උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල,මිනුවන්ගොඩ රෝහල,මීරිගම රෝහල,රාගම රෝහල,විජය කුමාරතුංග රෝහල,පමුණුගම රෝහල,අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මාරිස්ටලා විදුහල මීගමුව,කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත),ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)

කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන.

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිඹුර ප්‍රාථමික පාසල,තලගල මංගලාරම විහාරස්ථානය,මහාමායා විද්‍යාලය,සණස කාර්යාලය බෝපිටිය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

කිරිල්ලවල විද්‍යාලයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදුන් අයුරු (තිලකරත්න දිසානායක)