ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි


 

( නිශාන්ත කුමාර)
  

බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම හේතුවෙන්  මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ  අපහසුතාවට ලක්ව සිටිති.

මේ ගැටළුවට මුහුණ දී ඇති තල්දෙන 11  කණුව, කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා  ඒ අවට ගම් ගම්මානවල ජනතාවට  බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යාය වෙත  පැමිණීමට  සිදුව  ඇත්තේ  බදුලුඔයේ ඉණවටක් ගිලෙමිනි.
 
තල්දෙණ  ගම්මානයේ පුද්ගලයෙකු මිය යාමෙන් පසුව ඔහුගේ සිරුර මිහිදන් කිරීම සඳහා ඊයේ (18)  ප්‍රදේශයේ ජනතාවට එම මළ සිරුර  ගඟෙන් මෙගොඩ පිහිටි මාලිගාතැන්න සුසාන භූමිය වෙත රැගෙන යාමට සිදු වූයේ ද ඒ අයුරින්මය.
 
බදුලුඔය හරහා  එහා මෙහා යාමට පාලමක් ඉදිකරදෙන ලෙස  ලෙස වසර ගණනාවක සිට ඉල්ලීම් කළද එය මේ වන විටත් මුල් ගලකට සීමා වී ඇතැයි ද ප්‍රදේශයේ ජනතාව පවසති.